ආණ්ඩුව සමාජජාලා තහනම් කරන අතර කාදිනල් හිමි මීගමු ගින්නත් නිවා දමයි!

May 6, 2019 at 10:25 am | by admin

මීගමුව, කොච්චිකඬේ, පෝරුතොට ප‍්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විශේෂ ප‍්‍රකාශයක් සිදු කර තිබේ.

ප‍්‍රකෝපකාරී ලෙස හැසිරීමෙන් කිසිවෙකුටත් සාධාරණයක් සිදු නොවන බව කාදිනල් හිමියන් පැවසුවේය.

“මීගමුව පෝරුතොට ප්‍රදේශයේ සුළු බහින්බස්වීමක් මතභේදයක් දක්වා දුරදිග ගිහින් කණ්ඩායම් දෙකක් අතර අරගලයක් දක්වා හැරුණා. ඒවා පාලනය කරගැනීම පිළිබඳව යම් යම් ප්‍රශ්න ඇති වෙලා මා ඉදිරියට ආවා. අපි අදාළ අංශවලින් ඉල්ලා සිටියා මේ තත්ත්වය වර්ධනය වෙන්න ඉඩ නොදී කටයුතු කරන්න කියලා. මා ක්‍රිස්ත්‍රියාන් සියලු පාර්ශ්වයන්ගෙන් සහ කතෝලික සැදැහැවතුන්ගෙන්, හිතවත් බොදුනු සහ මුස්ලිම් මෙන්ම හින්දු ජනතාවගෙන් ඉල්ලන්නේ මේ තාක්කල් බුද්ධිමත් ලෙස ඉවසීමෙන් ක්‍රියා කරලා තියෙන නිසා ඒ තත්ත්වයම දිගටම පවත්වාගෙන යන්න කියලා.” යනුවෙන් එහිමියන් සඳහන් කර තිබේ.

උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ සියලු දෙනා මේ මොහොතේ සාමය ආරක්ෂා කළ යුතු බවය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස