ආණ්ඩුව මැකොලා මාරු කරලා ඡන්දේ කල් දාන්න හදනවා..! – හර්ෂණ…

January 24, 2023 at 7:01 pm | by emanisa.lk

ඡන්දයක් පැවැත්වීම සඳහා මුදල් නැති බවට ආණ්ඩුව සිදු කරන ප්‍රකාශ පිළිගත නොහැකි බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයාට මැතිවරණයක් පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවය.

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මාරු කර හෝ මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

සමගි ජන බලවේගය ඊට එරෙහිව අරගල කොට මැතිවරණයක් දිනා ගන්නා බවයි, හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කළේ.

සජබ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *