ආණ්ඩුව පෙරළන්න පුළුවන් වුණේ 19 නිසායි! 20 ආවොත් ආණ්ඩුව පෙරළනවා බොරු! – සුදර්ශන ගුණවර්ධන

September 29, 2020 at 8:08 am | by emanisa.lk

19 වෙනි සංශෝධනයට එරෙහිව ගෙන එන 20 වැනි සංශෝධනය මගින් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ජනාධිපතිරයාට උවමනා ආකාරයට පාලනය කිරීමට අවස්ථාව ලැබෙන බව ප්‍රබුද්ධ ලංකා සංවිධානයේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන පවසයි.

“19 වෙනි සංශෝධනය නිසා 2020 නිදහස් සාමකාමී මැතිවරණයක් පැවැත්වීමේ අවස්ථාව ලැබුණා. යහපාලන ආණ්ඩුව පරාජය කිරීමට අවස්ථාව ලැබුණේ 19න් සමාජයට ලබා දී තිබූ ඉඩකඩ නිසයි.

තමන්ට වැඩ කරන්න කියා 2/3 බලයක් ලබා ගත් ආණ්ඩුව 20 මගින් ජනතා පරමාධිපත්‍ය සීමා කරන්න හදනවා. විධායක ජනාධිපති බලතල තුළින් ආණ්ඩුව අපහාස කරන්නේ ජනතාවටයි.”

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති සංවාදයකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

යහපාලන ආණ්ඩුව සමයේ ඇමති මංගල සමරවීර විසින් සුදර්ශන ගුණවර්ධන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සභාපති ධුරයට පත් කළ අතර රංග කලංසූරියගේ ඉල්ලා අස්වීම සමග රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරයට ද පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස