ආණ්ඩුව ගෙදර යන්න සූදානම්! මැති ඇමතිලා අමාත්‍යංශ අස්කරති! පොට්ටනි බඳිති! ෆයිල් මිටි පිටින් ගිනි තබති!

November 13, 2019 at 2:13 pm | by emanisa.lk

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙරම ආණ්ඩුව පරාජය භාරගෙන ඇති බවත් මැති ඇමතිවරු සිය නිල නිවාසවල බඩු පොදි බඳින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ගෝඨාභය රාජපක්ෂගේ ජය තහවුරු කිරීම සඳහා කොටගල ප්‍රදේශයේ පැවැත් වූ ජන රැලියකට ඊයේ (12) එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පෙරදින රාත්‍රීයේ ඇමති පා.ච.රණවක සිය නිල නිවසේ ආරක්ෂක පොලිස් නිලධාරීන් ද සමග එකතු වී ෆයිල් තොගයක් පුළුස්සා දැමූ බවත් හෙතෙම හෙළි කළේය.

එළඹෙන 16 වෙනිදා උදෑසන එජාප මඩ බලකාය ගෝඨාභය රාජපක්ෂ හෘදයාබාධයක් වැළඳී අසාධ්‍ය වී රෝහල්ගත කර ඇති බවට ප්‍රචාරයක් ගෙන යාමට සැලසුම් කර ඇති බවත් එවැනි අසත්‍ය ප්‍රචාර සඳහා නොරැවටෙන ලෙසත් ගම්මන්පිල ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස