ආණ්ඩුව කොළඹ ඉඩම් විදෙස් සමාගම්වලට විකුණන්න යනවා…! ආණ්ඩුවට රාජ්‍ය දේපළ විකුණන්න ජනවරමක් ලැබුණේ නෑ….! – ඇල්ලේ හිමි….

June 10, 2021 at 9:03 pm | by emanisa.lk

රජය සතු ඉඩම් සහ දේපළ පෞද්ගලීකරණය කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිදු ජනවරමක් ලැබී නොමැති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසති.

අද (10) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේ මේ බව අවධාරණය කළහ.

“මේ අවස්ථාවේ රජය සෙලන්දිව සමාගම් 3ක් පිහිටුවලා අපේ රජය සතු ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, ගෆූර් ගොඩනැගිල්ල, යොක් වීදියේ රජයට අයත් ගොඩනැගිලි, විදේශ අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල, තැපැල් දෙපාර්තමේන්තුව පිහිටි ගොඩනැගිල්ල, පොලිස් මුලස්ථානය, ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානය, කොම්පඤ්ඤවීදිය පොලීසිය, පොලිස් ක්‍රීඩාංගනය, පොලිස් නිවාස සංකීර්ණය ගුවන් හමුදා කඳවුර සහ ක්‍රීඩංගනය, MOD සයිබර් කාර්යාලය කියන සියලුම ආයතන පවර ගන්න හදනවා.

මේක ඉතා ම භයානක තත්ත්වයක්. මේ රාජ්‍ය දේපළ ජනතාව සතුයි. මේවා අලෙවි කිරීමට හෝ වෙන්දේසි කිරීමට කාටවත් ඉඩදෙන්න පුළුවන්කමක් නෑ. මේවා හරියට සාංඝික දේපළ වගේ කියලා හිතලා කටයුතු කරන්න කියලා අපි රජයට කරුණාවෙන් දැනුම්දෙනවා.

මේ දේපළ විදෙස් සමාගම්වලට විකුණන්න යන්නේ. පසුගිය රජයට අප විරුද්ධ වුණේ මේ වගේ වැඩ නිසයි. එහෙම රජ්‍ය දේපළ විකුණන්නේ නෑ කියල මේ රජය ආවේ. මේ විදහට විකුණලා විකුණලා ජනතාවට මොනවා ද ඉතිරි වෙන්නේ.

ගෝඨාභය ජනාධිපතිතුමා වට කරගෙන ඉන්න ඇතැම් නිලධාරීන් කුරුම්බ ගෙඩියක් කට තියල බීල නැති, ගහක මලක් නෙළලා පූජා කරල නැති, අතින් බත් ටිකක් කාලා නැති ඉංගිරිසියෙන් හිතන ටයිකෝට් දාන බෝන් එගේන්කාරයෝ, පාත්ෆයින්ඩර්කාරයෝ. මේක තමයි හෙණේ. අපට දුකයි ගෝඨාභය මහත්තයා ගැන.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස