ආණ්ඩුව මේ රටේ ඉඩම් තුට්ටු දෙකට බහු ජාතික සමාගම්වලට විකුණන්න හදනවා! – සජිත්

September 13, 2020 at 12:15 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු නොකර මේ රටේ ඉඩම් තුට්ටු දෙකට බහුජාතික සමාගම්වලට විකුණා දැමීමට සූදානම් වන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

“ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා මහා මැතිවරණයත් ලොකු ජයග්‍රහණය කළා. නමුත් අද වන විට අපට ජනතාවට වුණ පොරොන්දු ඉටු කරනවා තියා ඒවා ආරම්භ කරන්නවත් පිරිසිදු පියවරයක් ඉදිරියට තියලා නෑ.

ජනාධිපතිවරණයේදීත් මහා මැතිවරණයේදීත් වර්තමාන රජයේ ප්‍රධානීන් බොහොම ඉහළින් කතා කළා පරිසර සංරක්ෂණය ගැන. අද අක්කර සිය ගණන් සම්පූර්ණයෙන්ම විනාශ කරලා. ලොකුවට ආණ්ඩුව වෙනුවන් කතා කරපු පරිසරවේදීන් අද මොකද කියන්නෙ?

මැතිවරණවලදි කතා කළේ පරිසරය ආරක්ෂා කරනවැයි කියලා. වනගහනය වර්ධනය කරවනවයි කිව්වා. කැලෑ කපපු යුගයට තිත තබනවයි කිව්වා. විල්පත්තු විනාශයේ ප්‍රධානීන්ට එරෙහිව කටයුතු කරනවයි කිව්වා.

එහෙව් කතා කී වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානීන් අද සැලසුම් කරනවා මේ රටේ වටිනා බිම් ජාත්‍යන්තර බහු ජාතික සමාගම්වලට තුට්ටු දෙකට බෙදලා දෙන්න”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව පැවසුවේ ඊයේ (12) කොළඹ දී පැවති සමගි ජන බලවේගයේ පාක්ෂික හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස