ආණ්ඩුවේ සමාජ මාධ්‍ය වාරණයත් ලත් තැනම ලොප්! 58%ක්ම VPN ඔස්සේ ෆේස්බුක් ගිහින්! ටියුෂන් මාස්ටර්ලාත් VPN දාගන්න හැටි උගන්නලා!

May 26, 2019 at 1:59 pm | by admin

පාස්කු ප්‍රහාරය සමග ආණ්ඩුව ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප්, යූටියුබ් ආදී සමාජ මාධ්‍ය සඳහා වාරණයක් පැනවීමට කටයුතු කළේ ඒවා ඔස්සේ අසත්‍ය තොරතුරු සහ ජාතිවාදය ඇවිළෙන පුවත් හුවමාරු වන බව ප්‍රකාශ කරමිණි.

කෙසේ වුවද ශ්‍රී ලංකාවේ සමාජජාලා පරිශීලකයන්ගෙන් 58%ක්ම VPN තාක්ෂණය උපයෝගී කරගෙන ෆේස්බුක් ඇතුළු සමාජමාධ්‍ය පරිශීලනය කර ඇති බව සමීක්ෂණයක් මගින් තහවුරු කර තිබේ.

රජරට විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය මෘදුකාංග ඉංජිනේරු පැතුම් රත්නායක අනුරාධපුර නගරයේ උපකාරක පන්තිවලට පැමිණෙන සිසුන් සහ නගරයට පැමිණි තරුණ තරුණියන් පිරිසක් යොදා ගෙන මෙම සමීක්ෂණයක් සිදුකර ඇත.

මෙම සමීක්ෂණයට සහභාගී වූ 95%ක පමණ පිරිසකට VPN තාක්ෂණය පිළිබඳ කිසිදු අවබෝධයක් නොතිබුණු අතර ඇතැමුන් රු. 100ක පමණ මුදලක් ගෙවා දුරකතන අලෙවිසැල්වලින් එම පහසුකම ලබා ගෙන තිබිණි.

ඇතැම් උපකාරක පන්ති ගුරුවරුන් සිය පන්තිවල දී VPN තාක්ෂණය සහ එය ජංගම දුරකතනවල ස්ථාපිත කරන ආකාරය ද උගන්වා ඇතැයි මෙහි දී අනාවරණය වී තිබිණි.

2018 දිගන සිද්ධිය අවස්ථාවේ ද මෙවැනි සමාජජාල වාරණයක් ක්‍රියාත්මක කළ අතර මේ දෙවෙනි අවස්ථාවය. කෙසේ වුවද මේ වන විට සමාජජාලා තහනම ප්‍රායෝගික නොවන තැනට පත්ව ඇති බව මෙම කරුණුවලින් සනාථ වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස