ආණ්ඩුවේ ඩේලි නිව්ස් බොරු පුවත් ගසා කරන්නාගොඩට යුද අපරාධකරුවෙක් කරයි!

March 13, 2019 at 4:18 pm | by admin

රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ලේක් හවුස් ආයතනයේ ඩේලි නිව්ස් පුවත්පත ඊයේ (12)හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ පිිළිබඳ සම්පූර්ණයෙන් අසත්‍ය පුවතක් පළ කර ඇතැයි ද වහාම එය නිවැරදි කරන ලෙස ද ඉල්ලා ඔහු සිය නිතීඥයා මගින් එහි කතුවරයා වෙත ලිපියක් යවා තිබේ.

12 වෙනි දින ඩේලිනිව්ස් නිව්ස් පුවත්පතේ නාගරික සංස්කරණයේ මුල් පිටුවේ ප්‍රධන පුවත ලෙස ‘තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් මරා දැම්මේ මගේ අණ යටතේ ක්‍රියාත්මක වූ කණ්ඩායමක් – කරන්නාගොඩ’ (Abduction and killing of 11 youth-Unit was undr my command) යැයි සඳහන් වී තිබේ. මෙම පුවත 11 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නාවික හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කිරීම සමග බැඳී ඇත.

මෙවැනි පුවත් පළ කිරීම දැනට සිදුවන පරීක්ෂණ කටයුතු සඳහා බාධාවක් බව එම ලිපිය මගින් පෙන්වා දෙන අතර මෙම කාරණාව පිිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට තමාගෙන් එවැනි ප්‍රශ්නයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නො ඇසූ බවත් පවසයි. එහෙයින් මෙම පුවත සම්පූර්ණයෙන් ම අසත්‍ය බවත් එවැනි තොරතුරු ලබා දුන්නේ කවුද යන්න පවසන ලෙස ද එමගින් ඉල්ලා ඇත.

එසේම මෙම අසත්‍ය පුවත නිවැරදි කරමින් එම පුවතට ලබා දුන් ප්‍රමුඛතාව ලබා දෙමින් නිවැරදි කිරීමක් පළ කරන ලෙස ද හිටපු නාවික හමුදාපතිවරයා ඩේලි නිව්ස් කතුවරයාගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා වෙත යුද අපරාධ චෝදනා එල්ල කරන ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන පසුබිමක ශ්‍රී ලංකා රජයේ පුවත්පතක් මගින් රටේ සතුරන්ට මෙවැනි ආයුධ සැපයීම පුදුම සහගතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස