ආණ්ඩුවේ ජනපති අපේක්ෂකයා තීන්දුයි! ඒ ස්වාධීන කතානායක කරූ!

March 10, 2019 at 2:37 pm | by admin

එක්සත් ජාතික පෙරමුණු සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කතානායක කරූ ජයසූරිය ඉදිරිපත් කිරීමට වඩා වැඩි ඉඩක් නිර්මාණය වී තිබේ.

අමාත්‍ය මනෝ ගනේෂන්ගෙන් ඊයේ මාධ්‍යවේදීන් සිය ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ කළ විමසීමේ දී ද එවැනි ඉඟියක් ලැබිණි. ඔහු මුලින් කීවේ මේ වන විටත් සිය පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා නම් කර අවසන් බවත් නම හෙළි කළ නොහැකි බවත්ය. ඒ අනුව ජනාධිපති අපේක්ෂකයා රනිල්, කරූ හෝ සජිත් විය හැකි යැයි ඔහු සඳහන් කළේය.

කෙසේ වුවද නවීන් පිළිබඳ විමසූ විට ඇමතිවරයා සඳහන් කළේ නවීන් සිය මිතුරකු බවත් ඔහු ද ලැයිස්තුවට දමා ගන්නා ලෙසය. අනතුරුව ඔහු සඳහන් කළේ කරූ ජයසූරිය නවීන්ගේ මාමණ්ඩිය බවය.

ඉතාම ස්වාධීන ධුරයක් ලෙස මෙතෙක් ක්‍රියාත්මක වූ කතානායක ධුරය එජාපයේ යහපත පිණිස අවභාවිත කිරීම විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් පහ කළ සමයේ කතානායකවරයා ලෙස කරූ ජයසූරිය සිය කඳවුරේ උවමනා එපාකම් අනුව හැසිරීම මෙම තෝරා ගැනීමට ආසන්නතම හේතුව විය හැකිය. මෑතක කරූ ජයසූරියට ඉන්දියාව ආසියාවේ අභිමාණය සම්මානයෙන් පිදීම ද ඒ පිළිබඳ ඉඟියකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස