ආණ්ඩුවේ අලුත්ම ඡන්ද අල්ලස මෙන්න! සිසුන් පනස් දාහක් හොර පාරෙන් ජාතික පාසල්වලට!

September 21, 2019 at 6:47 pm | by emanisa.lk

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් හතළිස්‌ හතර දහස්‌ පන්සිය අනූ අට දෙනෙකු ඇතුළත් කිරීමේ සූදානමක්‌ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.

මැතිවරණයක්‌ ප්‍රකාශයට පත්ව ඇති මොහොතක ඡන්දය බලාගෙන දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට යන මෙම වැඩපිළිsවෙළ නවත්වන්නැයි ඔහු සඳහන් කළේය.

ඊයේ (20) මන්ත්‍රීවරයා මේ බව හෙළි කළේය.

“මැතිවරණ ආසන්නයේ සිටගෙන ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් හතළිස්‌ හතර දහස්‌ පන්සිය අනූඅට දෙනකු දාන්න හදනවා. ඡන්දය ඉලක්‌ක කර ගනිමින් දරුවෝ ජාතික පාසල්වලට දාන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට.

දරුවන් 5000ක් පමණ රාජකීය, ආනන්ද, නාලන්ද, විශාඛා, සිරිමාවෝ, මහින්ද රාජපක්‍ෂ මේ වගේ ජාතික පාසල්වලට දාන්න යනවා.

මේ පිළිබඳ අධ්‍යාපන ඇමැතිතුමාගේ අවධානය යොමු කරන්න ඕනෑ. මේක කරන්න එපා. ඡන්දෙ ගන්න ළමයි ඉස්‌කෝලෙ දාන්න ලංකා ඉතිහාසයේ කවුරුවත් කටයුතු කළේ නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස