අවිවාහක තරුණයන්ට රජයෙන් පර්චස් 40ක ඉඩමක් දෙනවා!

February 13, 2019 at 12:41 pm | by admin

අවිවාහක තරුණ තරණියන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දායක කර ගැනීම සඳහා දිරිගැන්වීමක් ලෙස තමන්ගේම නිවසක් ඉදිකර ගැනීමට පර්චස් 15ක ඉඩමක් හා කෘෂි කාර්මික කාර්ය සඳහා පර්චස් 40ක වගා බිමක් ලබාදීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

මේ සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබා දෙන අතර තරුණ ගොවි සමූපකාර ගම්මාන වැඩසටහන ඔස්සේ ඔවුන්ව ජාතික ආර්ථිකයට දායක කර ගැනීමට අපේක්ෂා කරයි.

හම්බන්තොටදී පැවැත්වීමට නියමිත 2019 යොවුන්පුරය වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස