අලුත් ප්‍රධානීන්ට ආයතන දියුණු කරන්න අවුරුද්දක් දෙනවා! ප්‍රගතියක් නොපෙන්වන සියලු දෙනා ගෙදර යන්න සූදානම් වන්න! – ජනපති

December 22, 2019 at 9:59 am | by emanisa.lk

රාජ්‍ය ආයතන සඳහා පත්කර ඇති සහ පත් කිරීමට නියමිත ප්‍රධානීන් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ කොන්දේසියක් පනවා තිබේ.

ඒ අනුව නව ආයතන ප්‍රධානීන් විසින් වසරක කාලසීමාවක් ඇතුළත අදාළ ආයතනයේ ප්‍රගතියක් පෙන්වීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම ඔහු විසින් භාරගෙන තනතුරෙන් ඉවත් විය යුතුය.

මෙතෙක් පැවති සාමාන්‍ය ක්‍රමවේදය වූ පවත්නා ර‍ජයේ සහ විෂයභාර ඇමතිවරුන්ගේ හිතවත්කම් සහ සබඳතා මත ආයතන ප්‍රධානීන් පත් කිරීම වෙනුවට මෙවර විශේෂ කමිටුවක් විසින් නිර්දේශ කරන පුද්ගලයන් රාජ්‍ය ආයතන සඳහා පත් කෙරේ. ජනවාරි මාසය ඇතුළත එම සියලු පත් කිරීම් අවසන් කිරීමට නියමිතය.

සුදුසුකම් හා අත්දැකීම් පරීක්ෂා කර බලා සුදුසුම අයට ආයතන ලබාදෙන අතර ඔවුන්ට සිය හැකියාවන් පෙන්වා ආයතන ඉදිරියට ගෙනයාම සඳහා වසරක් ප්‍රමාණවත් වන බව ජනාධිපතිවරයාගේ අදහසය.

අනුව 2021 ජනවාරි වන විට සිය ආයතනයේ ප්‍රගතියක් අත්පත් කර නොගන්නා ඕනෑම ආයතන ප්‍රධානියෙකු ගෙදර යෑමට සූදානම්ව සිටිය යුතුය. පෞද්ගලික හිතවත්කම් හෝ වෙනත් කිසිදු හේතුවක් මත එය වෙනස් නොවන බව තමාට වැදගත් රට මිස පෞද්ගලික හිතවත්කම් හෝ පුද්ගලයන් නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස