සුදුස්සාට සුදුසු තැන හිමිවෙයි! තේ මණ්ඩල සභාපති ධුරයට ජයම්පති මොල්ලිගොඩ !

December 20, 2019 at 10:12 pm | by emanisa.lk

ජයම්පති මොල්ලිගොඩ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ධුරයට පත්කර තිබේ.

බොගවන්තලාව තේ සමාගමේ හිටපු නියෝජ්‍ය සභාපතිවරයා වන හෙතෙම මෙට්‍රොපොලිටන් රිසෝසර්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු වන ඔහු කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ MBA උපාධිධරයෙකි.

එසේම ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ සංගමයේ සාමාජිකයෙකු ද වේ.

ආර්ථික කටයුතු සහ වැවිලි කර්මාන්තය පිළිබඳ හසළ දැනුමක් ඇති ජයම්පති මොල්ලිගොඩ තේ කර්මාන්තය පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත වෘත්තිකයෙකි.

මෙරට තේ වගාව හමුවේ ඇති අභියෝග සහ ඒවාට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති වෘත්තිකයකුට තේ කර්මාන්තය භාර දීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ.

ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සභාපති ධුරය දරන වියත්මග සංවිධානයේ ආරම්භක සාමාජිකයන් කිහිප දෙනාගෙන් අයෙකු ද වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස