අරගලේට ආවේ ලක්ෂ දෙකයි..! බොරුවට අපිත් බයවුණා..! – සාගර..

October 16, 2022 at 7:11 am | by emanisa.lk

බුද්ධි අංශ වාර්තා අනුව අරගලයට සම්බන්ධ වී ඇත්තේ ලක්ෂ දෙකකට අඩු පිරිසක් බව අනාවර්ණය වී  ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

“දැනට සති කිහිපයකට පෙර බුද්ධි අංශ ප්‍රධානියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අරගල ගැන හෙළිකිරීමක් කළා.  බුද්ධි අංශ සංඛ්‍යා ලේඛන අනුව අරගලයට සම්බන්ධ වුණ පිරිස ලක්ෂ දෙකකට අඩුයි.

ඒකට බය වෙලා අපි අඩියක් පිටුපසට ගත්තා. බය වුණු පිරිසක් ස්වාධීන වෙන්න ගියා. ස්වාධීන වීම පිටුපස තිබුණේ බයක් නෙමේ කුමන්ත්‍රණයක්.”

ඔහු මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුවේ පැවැති ජන හමුවකට එකතු වෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකවරයා ලෙස කටයුතු කළ අමාත්‍ය රොෂාන් රණසිංහ ඉන් ඉවත්ව ස්වාධිනව කටයුතු කිරීමට ගත් තීරණය හේතුවෙන් පුරප්පාඩු වු දිස්ත්‍රික් නායකත්වයට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මෙහි දී පත්කරනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *