අරගලභූමිය ඉවත් කළොත් IMF ආධාර නෑ…! ඇමරිකාව ආණ්ඩුවට අනතුරු ඇඟවීම්…

June 23, 2022 at 11:30 am | by emanisa.lk

ගාලු මුවදොර අරගල භූමියේ සිටින සියලු දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පසුගියදා පොලිස් බස් රථ සමූහයක් කැඳවා ඇතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ඒ අතර ඇමරිකානු තානාපතිනිය රජයේ ඉහළ ඇමැතිවරයෙකු අමතා ආණ්ඩුව අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ දැයි විමසා තිබේ.

එහි දී අදාළ ඇමැතිවරයා පවසා ඇත්තේ තමා ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බවයි.

එහි දී ඇමරිකානු තානාපතිනිය පවසා ඇත්තේ අරගලකරුවන් අත්අඩංගුවට ගතහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය රටට නොලැබී යාමේ අවධානමක් පවතින බවයි.

අරගලකරුවන් අත්අඩංගුවට ගෙන ගාලු මුවදොර භූමිය නිදහස් කරගෙන ජනාධිපති කාර්යාලයේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීම නතර වූයේ මෙම ඇමරිකානු මැදිහත්වීම නිසා බවයි, විමල් වීරවංශ පවසන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *