අමාත්‍යංශ 17ක් මැතිවරණ නීති කඩයි! අගමැති රනිල්ටත් චෝදනා!

November 3, 2019 at 12:16 pm | by emanisa.lk

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කරමින් වැඩිපුරම මැතිවරණ උල්ලංඝනය කර ඇත්තේ ආණ්ඩු බලය හිමි එක්සත් ජාතික පක්ෂයයි. සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රවර්ධනය සඳහා අමාත්‍යාංශ 17ක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය මගින් පැෆරල් සංවිධානයට පැමිණිලි ලැබී ඇත.

පසුගිය සිකුරාදා (01) වන විට එම සංවිධානයට ලැබී ඇති පැමිණිලි 109න් එම අමාත්‍යාංශ 17ට අමතරව ජනාධිපතිවරණයට සම්බන්ධ අමාත්‍යාංශයකින්ද රාජ්‍ය බලය අයුතු ලෙස යොදවා ඇත. එම පැමිණිලිවලදී අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිවද චෝදනා එල්ල වී තිබේ.

ඊට අමතරව ආණ්ඩුකාරවරුන් හතර දෙනකුට හා පළාත් පාලන ආයතන එකොළහකට එරෙහිවද පැමිණිලි ලැබී තිබේ. පළාත් පාලන ආයතන එකොළහෙන් වැඩි ප්‍රමාණයක චෝදනා එල්ල වී ඇත්තේ ඒවායේ බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය.

ආණ්ඩු බලය හිමි එක්සත් ජාතික පක්ෂය අමාත්‍යවරුන් ධුරය දරන අමාත්‍යාංශවල බඩු බෙදාහැරීම්, නව පත්වීම් දීමනා ලබාදීම් ආදිය පිළිබඳ චෝදනා එල්ල වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස