අපේ පක්ෂයේ 20ට සහාය දෙන අය එක්ක දේශපාලනේ කරන්නේ නෑ – සජිත්

September 15, 2020 at 11:20 pm | by emanisa.lk

20 වන සංශෝධනයට සහාය දෙන මුදල් සුට්කෙස්වලට විකිණෙන මන්ත්‍රීවරුන් සිය පක්ෂයේ නොමැති බව විශ්වාස යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

20 වන සංශෝධනය රට වෙනුවෙන් නොව පුද්ගලයන් කිහිප දෙනෙකු කේන්ද්‍ර කරගත් සංශෝධනයක් බවත් 19 වන සංශෝධනයෙහි යම් යම් සීමා තිබුණත් කළ යුතුව ඇත්තේ එහි සීමා ඉවත් කර රැකගැනීම බවත් ඔහු අවධාරණය කළේය.

මේ වන විට 20 වන සංශෝධනය ලෙස හඳුන්වා දුන් කරුණුවලින් අඩක්ම නැවත හකුළා ගෙන ඇති බව ද සජිත් ප්‍රේමදාස සඳහන් කළේය. කිසිවෙකු 20ට සහාය දෙන්නේ නම් ඔවුන් සමග කිසිදු දේශපාලන ගනුදෙනුවක් නොපවත්වන බවත් ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස