මන්ත්‍රී අසුනට චීවරේ කුළල් කා ගනී….! ජූලි 05 රතන හිමි අස් වී ඥානසාර හිමි පත් කළ යුතුයි…! නැත්නම් බලෙන් අයින් කරන සැලසුමක්….!

June 9, 2021 at 11:40 pm | by emanisa.lk

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා අතුරලියේ රතන හිමි පත්කළේ මාස 06ක් සඳහා බව අපේ ජනබල පක්ෂය පවසයි.

එම කාලය එළඹෙන ජූලි මස 05 වන දිනෙන් නිමා වන බවත් අනතුරුව ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ වාරය බවත් එම පක්ෂය පෙන්වා දෙයි.

මාස තුනක් සඳහා පාර්ලිමේන්තු වරම් ඉල්ලා සිටි රතන හිමියන්ට පක්ෂය විසින් මාස 06ක් ම ලබා දුන් බවත් එම කාලය අවසන් වන විට එහිමියන් ඉල්ලා අස් නොවන්නේ නම් ඥානසාර හිමිගේ නම මැතිවරණ කොමිසම වෙත යැවීමට කටයුතු කරන බව එම පක්ෂය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *