රටට බෝම්බ ගහද්දි අපි පත් කළ ආණ්ඩුව කොළඹ නැඟෙනහිර ජැටිය රටවල් 2කට විකුණලා! – ජවිපෙ

June 2, 2019 at 7:50 pm | by admin

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ජනතාව අසරණව සිටියදී ආණ්ඩුව කොළඹ නැගෙනහිර ජැටිය ඉන්දියාවට හා ජපානයට විකුණා දමා තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

ජනතාවට සිහින පෙන්වා පසුගිය 26 වැනි දින රටේ සම්පත් මේ ආකාරයට විකුණා දමා තිබෙන බවත්, නැගෙනහිර ජැටිය ලබාදීමට ගිවිසුම් අත්සන් කර තිබුණත් ඊට අදාළව කොටස් බෙදී යන ආකාරය පිළිබඳව කිසිදු ගිවිසුමක් නොමැති බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා අද (02) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

මේ හේතුවෙන් කොළඹ නැගෙනහිර ජැටිය බේරා ගැනීම උදෙසා පුළුල් දේශපාලන හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.

2015 යහපාලන ආණ්ඩුව පත් කර ගැනීමට ද පසුගිය වසරේ ඔක්තෝබර් 26 අගමැති රනිල් වික්‍රමසිංහ බලයෙන් පහ කළ විට නැවත බලයට පත් කිරීමට ද ජනතා විමුක්ති පෙරමුණ සුවිශාල කාර්යභාරයක් ඉටු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස