අපි එජාප ආණ්ඩුවකට යන්නේ නෑ! පොහොට්ටුව එක්ක මෛත්‍රී ජනපති කරනවා! – ශ්‍රිලනිපය

March 26, 2019 at 7:01 pm | by admin

ඉදිරි මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව තරග කර නව ආණ්ඩුවක් පිහිටුවීම මිස යළිත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුවක පිහිටුවීමට සූදානමක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ඒකකයේ ප‍්‍රධානී, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා මේ වන විටත් ප‍්‍රධාන කරුණු 20ක් යටතේ සිදුකරමින් පවතින බව කී තිලංග සුමතිපාල දෙපාර්ශවයම එක්ව ඉදිරි ජනාධිපතිවරණය සඳහා එකම අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරීම තම කණ්ඩායමේ අරමුණ බව ද කීවේය.

සිය පක්ෂයේ අරමුණ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා කිරීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන බවට මාධ්‍ය වාර්තා කර තිබුණත් මෙතෙක් ඔවුන් එවැනි තීරණයක් ගෙන නැති බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස