අනාරක්ෂිත නිසා ශැංග්‍රිලා තවම වහලා! දහම්ගේ රාජකීය මංගල්‍යයත් කල් යයිද?

April 29, 2019 at 1:41 pm | by admin

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ කින්ග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල් නැවත විවෘත කළ ද ශැංග්‍රිලා හෝටලය මෙතෙක් විවෘත කර නැත. ආරක්ෂක හේතූන් මත එම හෝටලය තවමත් වසා ඇති බව දැනගන්නට ලැබේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ හොටෙල් යනු ලාභ ලබන ව්‍යාපාරික ආයතන නිසා රජයට ආරක්ෂාව ලබා දිය නොහැකි බවත් එම ආයතන ආරක්ෂාව සලසාගත යුතු බවත්ය. ඉදිරියට තවත් සිතාගත නොහැකි ආකාරයේ ප්‍රහාර එල්ල කරන බවට ත්‍රස්තවාදීන් අනතුරු අඟවා ඇත.

කෙසේ වුවද වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුතාගේ විවාහ මංගල උත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇත්තේ කොළඹ ශැංග්‍රිලා හෝටලේය. ආරාධනා පත්‍රයේ සඳහන් පරිදි 2019 මැයි මස 09 වෙනිදාය. මේ දිනය සඳහා ඇත්තේ තව සති දෙකකට අඩු කාලයකි.

මෙම රාජකීය විවාහ උත්සවය සඳහා රටේ සිටින සියලු දේශපාලන ප්‍රබලයන් ප්‍රභූන් ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිස් ආරාධනා ලබා ඇති අතර ශ්‍රැංගිලා හෝටලය තව දුරටත් විවෘත නොකරන්නේ නම් මෙම විවාහය සඳහා වෙනත් හෝටලයක් වෙන් කර ගැනීමට සිදු වනු ඇත. නැතහොත් රටේ පවතින අනාරක්ෂිතතාව ද සැලකිල්ලට ගෙන විවාහය උත්සවය කල් දැමීමට සිදුවනු ඇත.

දහම් විවාහ වන්නේ කලෙක සිට ඔහුගේ පෙම්වතිය වූ නිපුණි වීරරත්න සමගිනි. ඈ ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අතුල රොහාන් වීරරත්නගේ දියණියයි. ඔහු ලංකාවේ ප්‍රකට වානේ ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක් වන එල්කාඩෝ සමූහ ව්‍යාපාරයේ  හිමිකරුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස