අන්තවාදය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මුස්ලිම් ජීවන ක්‍රමයටත් තර්ජනයක්! තවුහිද් ජමාත් සියලු මුස්ලිම් අන්තවාදී සංවිධාන තහනම් කරන්න! – ගාල්ලේ මුස්ලිම් පල්ලි භාරකරුවෝ

May 6, 2019 at 11:45 am | by admin

තව්හීද් ජමාත් ඇතුළු සියලුම අන්තවාදි සංවිධාන ගාල්ල දිස්ත්‍රික්කය සහ ශ්‍රි ලංකාව තුල තහනම් කරන ලෙස ඉල්ලමින් ගාල්ල දිස්ත්‍රික් මුස්ලිම් පල්ලි භාරකරුවන් සහ කමිටු සමාජිකයින්ගේ සංගමය විසින් දකුණු පළාත් ආණ්ඩුකාරවර රජිත කිර්ති තෙන්නකෝන් වෙත ඊයේ (05) දින සන්දේශයක් භාරදෙනු ලැබීය.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව දීර්ඝ කාලයක පටන් සහෝදරත්වයෙන් එකට බැඳී ජීවත් වන අතර මෙතෙක් කාලකට ඒ අය අතර කිසිම ගැටුමක් ප‍්‍රශ්නයක් ඇති නොවු බවත් නමුත් පසුගියදා දිවයිනේ ස්ථාන කිහිපයක ඇති වූ අවාසනාවන්ත සිද්ධීන් නිසා මුස්ලිම් ජනතාව දැඩි අපහසුතාවකට පත් වී සිටින බවත් ගාල්ල දිස්ත්‍රික් මුස්ලිම් පල්ලි භාරකරුවන් සහ කමිටු සමාජිකයින් සඳහන් කළේය.

ඒ සිද්ධියෙන් ජීවිත අහිමි වූ සියලුම දෙනා හට ගාල්ල දිස්ත‍්‍රික්කයේ මුස්ලිම් ජනතාවගේ, ඉස්ලාම් ආගමික නායකයන්ගේ බලවත් ශෝකය සහ කනගාටුව පිරිනමන බවත් ආරක්‍ෂක අංශ ගෙන යන සියලූම කටයුතු සඳහා අවශ්‍ය අපගේ සහයෝගය නොපිරිහෙළා ලබාදීමට සූදානම් බවද ගාල්ල දිස්ත්‍රික් මුස්ලිම් පල්ලි භාරකරුවන්ගේ සහ කමිටු සමාජිකයින්ගේ සංගමයේ සභාපති මොහමඩ් මවුලවිතුමා ප‍්‍රකාශ කළේය.

මෙම අන්තවාදින් සාම්ප්‍රදායික මුස්ලිම් ජනයා සමග ද අන්තවාදි මතවලට එරෙහි විම නිසා ගැටුම් ඇති කරගත් ඉතිහාසයන් තිබේන බවත් මේ පිළිබඳව එකල සිටම රජය සහ ආරක්ෂක අංශ දැනුවත් කල බවද ඔවුහු පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස