අධ්‍යාපනය සෞඛ්‍ය විනාශ කළ ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි! – අනුර දිසානායක

October 25, 2019 at 8:32 am | by emanisa.lk

2015 ලබා දුන් කිසිම පොරොන්දුවක් ඉටු නොකළ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පරාජය කළ යුතු යැයි ජවිපෙ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක පවසයි.

අධ්‍යාපනය, සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා බිඳ දමා නීතියක් විනයක් නැති රටක් හැදුවේ වර්තමාන ආණ්ඩුව බවට හෙතෙම චෝදනා කරයි.

සජිත් ප්‍රේමදාසට රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, කබීර් හෂීම් ළඟ තබා ගෙන හොරකම නතර කරනවා යැයි කිව නොහැකි බවත් ඔහු පවසයි. එහෙත් ඔවුන් ගෙදර යවා නැවත ගෙන එන්නේ 2015 ගෙදර යැවූ පිරිස ද අනුර දිසානායක ප්‍රශ්න කරයි.

ගෝඨාභය රාජපක්ෂට ද හොරකම නතර කරනවා යැයි කිව නොහැකි බවත් සියලු අපරාධ පිටුපස සිටින්නේ දේශපාලකයන් බවත් හොරකම් වංචා දූෂණ නතර කළ හැක්කේ ජාතික ජනබලවේගයට පමණක් බව ද හෙතෙම සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස