අදත් 646ක් සුවය ලබයි! සුවපත් පිරිස 10 000 පනී!

November 11, 2020 at 4:04 pm | by emanisa.lk

කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 646 දෙනෙක් අද (11) දින සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 10,183ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ආසාදිතයින් 4,491 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 14,715ක් වේ.

මේ අතර අද දිනයේ මෙරට 42 වන කොවිඩ් මරණය වාර්තා විය. එ ලෙස මිය ගොස් ඇත්තේ 80 හැවිරිදි පානදුරේ පදිංචිකරුවෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස