අගෝ. 18 අපේ ජනපති අපේක්ෂකයා රටට කියනවා! පීඩක ප්‍රධාන පක්ෂ දෙකම පරාජය කරනවා! – ජවිපෙ

July 30, 2019 at 5:41 pm | by emanisalk

ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා අගෝස්තු 18 වැනිදාට ප‍්‍රකාශයට පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද (30) පැවසීය.

ඔහු මේ බව පැවසූයේ පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදි පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

ඉදිරි ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය ලෙස අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බවද එම අපේක්ෂකයා කවුරුන්ද යන්න එහි පළමු මහජන රැළිය පැවැත්වෙන ලබන 18 වෙනිදාට ප‍්‍රකාශයට පත් කිරිමට බලාපොරොත්තු වන බවද ටිල්වින් පැවසීය.

මෙම රැළිය ලබන 18 වෙනිදා පස්වරු 3.00ට ගාලූමුවදොර පිටියේදි පැවැත්වීඹට කටයුතු සංවිධානය කර ඇති අතර එයට වාමාංශික පක්ෂ, විද්වත් සංවිධාන , කලාකරුවන් හා සිවිල් සංවිධානය රැසක් සහභාගී වනු ඇති බවද ඔහු පැවසීය.

ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම නියෝජනය කරන්නේ එකම කඳවුරක් බවද ජනතාව හැමදාමත් පීඩාවට පත්කළ ජනතාව දේශපාලනයෙන් පිටමං කරන තත්ත්වයට පත් කළ ඒ බලවේගය පරාජය කළ හැකි එකම විකල්ප බලවේගය ජාතික ජන බලවේගය සමග එක්ව ගොඩනගන බවද ටිල්වින් වැඩිදුරටත් පැවසීය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස