අගෝස්තු 05 සමගි බලේ ආණ්ඩුවක් හදල තෙල් මිලේ වාසිය ජනතාවට දෙනවා! – සජිත්

June 29, 2020 at 8:38 am | by emanisa.lk

ලෝක තෙල් මිල පතුලටම වැටී තිබුණ ද මාස 12ක් ගතවන තුරු තෙල් මිල පහත නොදැමීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඒ වෙනුවට මේ අරුම පුදුම ආණ්ඩුව රටේ පිරිසකට රු. 5000ක් ද තවත් පිරිසකට 10 000ක් ද ලබා දී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

එහෙත් අගෝස්තු 05 සමගි ජන බලවේග ආණ්ඩුවක් පිහිටුවා තෙල් මිල අඩුවීමේ වාසිය ජනතවට ලබා දීමට තමන් සූදානම් බව හිටපු විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

ඒ සඳහා ජනතාව කළ යුත්තේ බිල නොගෙව්වහොත් විදුලිය විසන්ධි කරන බව පවසන ආණ්ඩුව අගෝස්තු 05 විසන්ධි කර දැමීම යැයි සජිත් ප්‍රේමදාස වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස