අගමැතිගේ අපල දුරුවී ජනපති අභිෂේකයට කිරිබොන අලි පැටියෙක් කතරගමට පුදයි! (video)

July 14, 2019 at 7:46 am | by emanisa.lk

රිදියගම ජාතික සත්වෝද්‍යානයේ සිටින තවමත් කිරි බොන ඇත් පැටවෙක් දේශපාලන අවශ්‍යතාවක් මත කතරගම දේවාලය බාරයට පැවරීමේ සූදානමක් පිළිබඳ ලිපියක් භාරදීම සඳහා අද (13) අරලියගහ මන්දිරයට වැඩම කළ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ට එහි සිටි ආරක්ෂක නිලධාරින්ගෙන් බාධා එල්ල වුණි.

කෙසේ වෙතත් එල්ල වූ බාධා හමුවේ වුවද ආනන්ද සාගර හිමි අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ගොස් අදාල ලිපිය භාරදීමට පියවර ගත්තේය.

අනතුරුව අරලියගහ මන්දිරයෙන් එළියට පැමිණි ආනන්ද සාගර හිමි මාධ්‍ය වෙත පැවසුවේ අගමැතිවරයාගේ අපල දුරු වී ජනාධිපති අභිෂේක ලැබීම සඳහා මේ අලි පැටියා සිය මවගෙන් උදුරා ගෙන ගොස් දේවාලයට භාර දීමට සූදානම් වන බවය.

අගමැතිවරයා මෙම අලි පැටියා අල්ලා දේවාලයට භාර දීමට කටයුතු කළහොත් ඊට එරෙහිව කළ හැකි සියල්ල කරන බව සඳහන් කළ ආනන්ද සාගර හිමි අගමැතිගේ අපල දුරු කර ගැනීමට සාගලටවත් කිව යුතු යැයි සඳහන් කළේය.

කෙසේ වුවද කතරගම ඇතුළු බොහෝ පන්සල් දේවාල ආශ්‍රිත සිටි පෙරහැර කරවූ අලි පැටවුන් අත්අඩංගුවට ගෙන පින්නවලට රැගෙන ගියේ ද වර්තමාන ආණ්ඩුව යටතේය. අලි ජාවාරම් කළේ යැයි ඇතැම් භික්ෂූන් වහන්සේලාට සිරබත් කෑමට ද සිදුවිය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස