VVIP සමාජවාදී අනුරට හැකි නම් මා සමග තරඟෙට ජනතා සේවයට එනු..! – සජිත්..

January 5, 2023 at 8:43 am | by emanisa.lk

සමහර පක්ෂවලට සජිත් භීතිකාව ඇති වී තිබෙන බවත් එයට හේතුව සමගි ජන බලවේගයේ සංවර්ධන වැඩසටහන හරහා සමහර දේශපාලන පක්ෂවල පැටිකිරිය එළියට පැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඊයේ (4) කොළඹ දී හෙතෙම මේ බව පැවසීය.

බොරු කයිවාරුව පැත්තකට දමා පුළුවන් නම් විපක්ෂයේ සිට සජිත් ප්‍රේමදාස සමඟ ජනතාවට සේවය කිරීමට පැමිණෙන ලෙස කයිවාරු ගසන වීවීඅයිපී සමාජවාදීන්ට අභියෝග කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

තඹුත්තේගම ජාතික පාසලට බස් රථයක් ලබා දුන් අවස්ථාවේ එම පාසලේ ආදි ශිෂ්‍යයකු වන පක්ෂ නායකයකුට රිදීම මෙම අපහාස සිදුකිරීමට හේතු වී ඇතැයි ද ලක්ෂ පනහක් වටිනා බස් රථයක් හෝමාගම මහ විද්‍යාලයට පරිත්‍යාග කරමින් සජිත් ප්‍රේමදාස පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *