SLIATE ආයතනයෙන් ආචාර්ය ලක්ෂ්මන් නෙරපයි…! යහපාලන දූෂිතයෙක් අධ්‍යක්ෂ ජනරාල් ධූරයට…!

September 3, 2022 at 12:21 pm | by emanisa.lk

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE) අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ආචාර්ය ලක්ෂ්මන් ජයරත්න ඉවත් කර ඇතැයි වාර්තා වෙයි.

කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්‍යාපන ආයතනයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ලක්ෂ්මන් ජයරත්න ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ SLIATE ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට 2020 වසරේ පත් කෙරිණි.

බන්දුල ගුණවර්ධන, ජී.ඇල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධණ සහ රමේෂ් පතිරණ යන ඇමැතිවරුන් යටතේ සාර්ථක ලෙස එම ධූරයේ කටයුතු කළ ආචාර්ය ලක්ෂ්මන 2020/21 වසර සඳහා එම ආයතනයට සිසු සිසුවියන් 10 000ක් බඳවා ගැනීමට කටයුතු කර තිබිණි.

600කට අධික කාර්ය මණ්ඩලයක් ද රට පුරා ආයතන 19කින් ද සමන්විත ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ප්‍රගතිය උදෙසා ආචාර්ය ජයරත්න එහි සේවය කළ වසර දෙකහමාරකට අධික කාලයක තුළ විශාල සේවයක් ඉටු කළ බව එහි නිලධාරීන්ගේ අදහසයි. එසේ ම ඔහුට එරෙහිව කිසිදු දූෂණ අක්‍රමිකතා චෝදනාවක් නැතැයි ද වාර්තා වෙයි.

කෙසේ වුව ද අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ආචාර්ය ලක්ෂ්මන් ජයරත්න ඉවත් කොට සිය හිතවතෙකු අදාළ ධූරයට පත් කිරීමට වර්තමාන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කටයුතු කර තිබේ.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමෙහි සේවය කරන සමයේ දැඩි දූෂණ චෝදනාවලට ලක්ව කෝප් කමිටුව හමුවට පවා කැඳ වූ මෙම පුද්ගලයාට එම චෝදනා නිසා ඉන් අනතුරුව කිසිදු තනතුරක් හිමි වූයේ ද නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *