PUCSL සභාපති ධූරයට ජනක වෙනුවට පේරෙන් මහැදුරෙක්….!

June 23, 2023 at 4:56 pm | by emanisa.lk

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය මංජුල ප්‍රනාන්දු ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (22) රැස්විය.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධූරයට පත් කිරීමට මහාචාර්ය මංජුල ප්‍රනාන්දුගේ නම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට පසුගියදා යෝජනා කරනු ලැබීය.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනක රත්නායක පසුගියදා එම තනතුරින් පහ කෙරිණි.

ඔහු එම තනතුරින් ඉවත් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවේදී පසුගිය මැයි මස 24 වැනිදා සම්මත විය. එම යෝජනාවට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 77ක් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *