PHIලා වසංගත රෝග විද්‍යාඥයෝ වෙන්න යති….! දෙපිල අතර ගැටුමින් කොවිඩ් මර්දනයට බාධා…!

May 16, 2021 at 6:54 am | by emanisa.lk

වසංගත රෝග විද්‍යාඥයන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) අතර තිරය පිටුපස හටගෙන තිබෙන ප්‍රබල මතගැටුමක් කොරෝනා මර්දන කටයුතුවලට දැඩි ලෙස බාධාකාරීව බලපාන බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් තමන්ගේ ක්ෂේත්‍ර අත්දැකීම් අනුව කරනු ලබන නිර්දේශ වසංගත රෝග විද්‍යා අංශය ඉවත දැමීම ගැන තමන් අසතුටින් පසුවන බව සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

එහෙත් වසංගත රෝග අංශය පවසන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඇතැම් නිර්දේශ පදනම් විරහිත බවය. විශේෂයෙන්ම රට වසා දැමීම ගැන දෙපක්ෂය අතර ප්‍රබල විවාදයක් හටගෙන ඇත.

රෝග මර්දන කාර්යයේ දී තමන්ට අවශ්‍ය අවස්ථාවල විධිමත් උපදෙස් නො ලැබෙන බවට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වසංගත රෝග අංශයට චෝදනා කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *