‘NPP කතාව සහ JVP ක්‍රියාව’ පොත එළිදැක්වීම තහනම්…!

September 4, 2024 at 6:16 pm | by emanisa.lk

NPP කතාව සහ JVP ක්‍රියාව නම් කෘතිය අද දින (2024.09.04) ප.ව. 300ට බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී එළිදැක්වීමට සූදානම් කර තිබිණි.

මේ කෘතිය පිළිබඳ සංවාදය සමස්ත ලංකා අමරපුර සංඝ සභාවේ, සිරි සද්ධම්මවංශ පාර්ශ්වයේ අනු නායක ධුරන්දර පූජ්‍ය බෙංගමුවේ නාලක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනු නායක ධුරන්දර පූජ්‍ය ඕමාරේ කස්සප නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබුණු අතර සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතාටත්, මටත් දෙසුම් දෙකක් සඳහා ආරාධනා ලැබී තිබිණි.

එහෙත් අද දින පැවැත්වීමට නියමිතව තිබූ ඒ කෘතිය එළිදැක්වීමේ උළෙල නොපවත්වන ලෙස පොලිසිය විසින් කතුවරයාට දන්වා ඇත. පොලිසියට අනුව එය නොපවත්වන ලෙස දැනුම් දෙනු ලැබ ඇත්තේ මැතිවරණ කොමිසම විසිනි.

මාගේ අදහස නම් මෙවැනි විචාරාත්මක, විවේචනාත්මක දේශපාලන සංවාද පැවැත්වීම දියුණු සමාජයක අනිවාර්යෙන්ම තිබිය යුතු ලක්ෂණයකි. මතවාදයක් දැරීමේ, මතවාද විවේචනය කිරීමේ අයිතිය, අප සැමට තිබිය යුත්තක් නොවේද?

NPP කතාව කෙසේ වෙතත් JVP ක්‍රියාව ගැන අපි හොඳින් දනිමු; සජීවීවීවම අත්විඳ ඇත්තෙමු. NPP රඟපෑම ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ද තම අතීත ජේවීපී ක්‍රියාව ගැන ජනතාව දන්නා බව ඔවුන් ද හොඳින්ම දන්නා බැවිනි.

මේ කෘතිය එළිදැක්වීම වාරණය කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කිරීම ගැන කනගාටුවන අතර NPP කතාව සහ JVP ක්‍රියාව වැනි කෘතියක් ලිවීමට තරම් කොන්දක් තිබුණු අප හිතවත් එරික් ගාමිනී ජිනප්‍රිය මාධ්‍යවේදියාට මාගේ ප්‍රණාමය ප්‍රකාශ කරමු.

– පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස