IMF යාම රටේ බංකොලොත්කම පිළිගැනීමක්..! – පාඨලී…

December 15, 2021 at 10:33 pm | by emanisa.lk

පවතින මූල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම දැනටමත් පමා වැඩි  බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (15) පැවැති මාධ්‍ය හමුවකදීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නම් රටේ පවතින බංකොලොත්භාවය පිළිගැනීමට ආණ්ඩුවට සිදුවන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

”ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවද නැද්ද කියා කිය කතා කර කර ඉන්නවා. මතක තබා ගත යුතුයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඒ තිබුණ වැඩපිළිවෙළ 2020 ජුනි මාසේදී, පයින් ගැහුවේ මේ ආණ්ඩුව. මේ ජනාධිපති. මේ අගමැති. මේ මුදල් ඇමති. ඒකට යන එක දැන් පමා වැඩියි.

මොකද ඒකට ගිය හැටියේ ඒගොල්ලෝ කරන පළමුවෙනි දේ තමයි මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනාවලියක් ගේන එක. ඒ කියන්නේ ප්‍රායෝගිකව අපි බංකොලොත්භාවය පිළිඅරගෙන තමයි ඒක කරන්නේ. එතකොට දරාගත නොහැකි ව්‍යසනයන් ඇති වෙනවා. මොකද මේ ප්‍රශ්නය ඔඩුදුවල වැඩියි.

ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරන ඇතැම් දේ ක්‍රියාත්මක කිරීමේ වගකීම කිසිසේත්ම මේ විපක්ෂයට හෝ මේ ආණ්ඩුවේ රාජපක්ෂවරු නොවන අයට වගකීම භාරගන්න බැහැ. ඒ වගකීම මේ අර්බුදය නිර්මාණය කරපු රාජපක්ෂවරුම අනිවාර්යයෙන් භාරගත යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස