IMF ගහන ගේම්වලට අහුවෙන්න හොඳ නෑ! මංගල අහුවුණා ද දන්නේ නෑ! මම නම් අහුවුණේ නෑ! – රවී

March 12, 2019 at 2:25 pm | by admin

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇතැම් යෝජනා සාධාරණ නොවන බවත් ඔවුන් හංගා ගසන ගේම් ඇති බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි. පුවත්පත් සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ අදහස් පළ කර තිබිණි.

මාත් එක්ක නම් එදා අයි.එම්.එෆ් එක ඇඟිලි ගහන්න ආවෙ නෑ, දොරෙන් ඇතුළට මම එයාලා ගත්තෙත් නෑ. රට වෙනුවෙන් කතා කරලා තර්ක කරලා අපට ඕන දේ මිසක් සුද්දන්ට ඕන දේ අපි බදාගත්තේ නෑ.

මේ අයවැයට අයි.එම්.එෆ්. බලපෑම් ආවද, නැද්ද මම දන්නේ නෑ. අපි එක්ක මේ අයවැය හදනකොට කවුරුවත් කතා කරලාත් නැහැ. ඒ නිසා කොන්දේසි ආවද, ඉල්ලීම් ආවද ‘බ්‍රේක්’ ආවද මම දන්නේ නෑ. එහෙම කරන්න ආවා නම් එළියට බහින්න කියලා දොර පෙන්වන්නයි තිබුණේ.

බලපෑම්වලට යට වුණා හෝ නොවුණා වෙන්නත් පුළුවන්. බජට් එක හදනකොට මෙයාලා අපට කතා කළේ නැහැනේ.

අයි.එම්.එෆ්. බලපෑම්වලට අපි යටවිය යුතු නැහැ. එයාලගේ ඇතැම් ඉල්ලීම් සාධාරණ නැහැ. ඒත් නාස්තිය නැති කරන්න, අනවශ්‍ය අධික වියදම් නවත්වන්න, ආණ්ඩුවට ලැබිය හැකි උපරිම ආදායම් එකතු කරන්න, වගේ එයාලගේ අදහස් වටිනවා.

ඒත් අයි.එම්.එෆ්. එක හංගලා ගහන ගේම් තියෙනවා. ඒවටත් අපි යට නොවෙන්න වගබලා ගන්න ඕනෑ. දක්ෂතාව එයයි. ඒක ඉටුවෙන්න ඇති කියලා මම හිතනවා. රුපියල බාල්දු කරන්න කිව්ව නම් ඒකට බැහැ කිව්ව නම් හරි. උතුරු කොරියාව හරි හොඳ දෙයක් කියනවා නම් ඒක පිළිගත්තට ප්‍රශ්නයක් නෑ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *