GoHomeGota රාජපක්ෂ පවුලේ වැඩක්…! – දිලිත් ජයවීර

January 22, 2023 at 2:41 pm | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව බරපතළ විරෝධයක් රාජපක්ෂ පවුල තුළ පැවැති බව දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර පවසයි.

GoHomeGota ටැග් ලයින් එක මුලින් ම නිර්මාණය කළේ යෝෂිත රාජපක්ෂ බවයි, ඔහු සඳහන් කළේ.

යෝෂිත රාජපක්ෂ එක්තරා Whatsapp සමූහයක අදාළ ටැග් ලයින් එක දමා අනතුරුව මකා දැමූ බව දිලිත් ජයවීර ප්‍රකාශ කළේය.

එහෙත් අරගලයේ නිරත වූ පිරිස සිතා සිටින්නේ එය තමන්ගේ නිර්මාණයක් බව යැයි ඔහු  සඳහන් කරයි.

නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නැතැයි ද දිලිත් ජයවීර වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *