EXCLUSIVE: PCR නෙගටිව් අයගෙනුත් කොරෝනා පැතිරෙන්න පුළුවන්! – මහාචාර්ය තිස්ස විතාරණ…

December 30, 2020 at 12:13 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති දැයි හඳුනා ගැනීම සිදුකරන පීසීආර් පරීක්ෂණයේ 30%ක් වැරදි ප්‍රතිඵල ලබා දෙන බව මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.

ඒ අනුව පීසීආර් පරීක්ෂණයේ දී නීරෝගී යැයි තහවුරු කරන එහෙත් ආසාදිතයන් සිටිය හැකි බවත් ඔවුන්ගෙන් රෝගය පැතිර යා හැකි බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

එසේ ම බ්‍රිතාන්‍ය වැනි රටවල වේගයෙන් පැතිර යන නව කොරෝනා ප්‍රභේදය සංචාරකයින් මාර්ගයෙන් ලංකාවට පැමිණිය හැකි බව ද එවිට සංචාරක කර්මාන්තයෙන් උපයන මුදලට වඩා වැඩි මුදලක් එම රෝගීන් වෙනුවෙන් වැය කිරීමට සිදුවනු ඇති බව ද මහාචාර්ය තිස්ස විතාරණ වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *