යුධ හමුදා ට්‍රක් රථයක් අද (25) දහවල් කිලිනොච්චියේදී යාල්දේවි දුම්රියේ ගැටීමෙන් යුධ හමුදා සාමාජිකයින් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පවසයි.
යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ කිලිනොච්චිය 55 මංසන්ධිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමේ දී ජලය රැගෙන ඒමට ගිය ට්‍රක් රථය මෙලෙස දුම්රියේ ගැටී ඇති බවය.
මෙම ට්‍රක් රථය කොළඹ සිට යාපනය බලා යන යාල් දේවි දුම්රියේ ගැටී ඇති අතර අනතුරින් තවත් යුද හමුදා හමුදා සාමාජිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර පිරිස කිලිනොච්චි රෝහලට ඇතුළු කර තිබේ.