ජනමත විචාරණයක් පවත්වා ජනාධිපතිවරණය කල් දැමීමට රජය සූදානම් වන බවට එල්ල වන චෝදනා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රතික්ෂේප කරයි.
එම චෝදනා නගන පිරිසට දේශපාලන තර්කනය පිළිබඳ අවබෝධයක් නොමැති බවත් ජනමත විචාරණයක් පැවැත්වුවහොත් දෙකට බෙදෙන පිරිස, ජනාධිපතිවරණයකදී කොටස් කිහිපයකට වෙන්වන බවද පෙන්වා දෙයි.
එවැනි පසුබිමක තමන් ජනමත විචාරණ ගෙන ඒවිදැයි ප්රශ්න කළ ජනාධිපතිවරයා, නියමිත ලෙස ජාතික මැතිවරණ පවත්වන බවද ජනතාව ඉදිරියට යෑමට බිය නොමැති බවද අවධාරණය කරයි.
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පවතින නීතිමය බාධාවන් ඉවත් වූ වහාම එම මැතිවරණය ද පැවැත්වීමට රජය කටයුතු කරන බවටද ජනාධිපතිවරයා සහතික විය.
බුලත්සිංහල ප්රදේශයේ පැවැති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේය.