ආණ්ඩුවේ ජනවරම අහිමි වූ අවසන් බවත් විනිසුරු විශ්‍රාම වයස නැංවීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ආණ්ඩුවට සෙල්ලම් කිරීමට ඉඩක් නොලැබෙන බවත් නීතිඥ ශිරාල් ලක්තිලක පවසයි.
පසුගිය ජනාධිපතිවරණයේදී අනුර දිසානායකට ලැබුණේ 42% ජනවරමක් වන අතර මහා මැතිවරණයේදී 2/3 බලයක් හිමි වීම අහඹුවක් බවද ඔහු සඳහන් කරයි.
අනතුරුව පැවති පළාත් පාලන මැතිවරණයේදී පවා 40%ක ඡන්ද ප්‍රතිශතයක් ආණ්ඩුවට නොලැබුණු බවත් මෑතක වෙරිටේ රිසර්ච් නිකුත් කළ සමීක්ෂණ දත්ත අනුව ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත 49.84%ට වඩා පහත වැටී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
ආණ්ඩුවේ ආර්ථික දර්ශනය පිළිබඳ ජනතා අප්‍රසාදය 60% ඉක්මවා ඇති බවද ශිරාල් ලක්තිලක අවධාරණය කරයි. පසුගිය පෙබරවාරී මාසයේ ආණ්ඩුව 65%ක ජනප්‍රසාදයක් සහිතව කටයුතු කරන බව සඳහන් කළේද මෙම ආයතනයම බව සිහිපත් කරයි.
ශිරාල් ලක්තිලක මේ බව ප්‍රකාශ කළේ හිරු නාලිකාවේ බලය වැඩසටහනට එකතු වෙමිනි.