විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවූ විට නඩු විභාග වීම වේගවත් වන්නේ කෙසේද යන්න ආණ්ඩුවට මෙතෙක් පැහැදිලිකර දීමට හැකියාවක් ලැබී නොමැති බව සර්වජන බලය වෘත්තිය වේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු නීතිඥ නලින් පතිරණ පවසයි.
ඉතිහාසයේ කිසිම දිනක මේ ආකාරයටඅධිකරණවල පුරප්පාඩු නොපුරවා තබා ගෙන සිට නොමැති බවත් මේ වන විට ශ්‍රේෂ්ඨාධීකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු 4 බැගින් ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.
එම පුරප්පාඩු පිරවීමට කිසිම ගැටලුවක් නොමැති බවත් අධිකරණ සේවයට පැමිණීමට බලාපොරොත්තුවෙන් නීතිඥවරුන් ඕනෑ තරම් සිටින බවත් නලින් පතිරණ පෙන්වා දෙයි.
ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවේ පෙට්‍රල් මිල රු.100කින් අඩු කිරීම, විදුලි බිල 1/3කින් අඩු කිරීම, උගන්ඩාවේ ඩොලර් ලංකාවට ගෙන ඒම වැනි පොරොන්දු මිස විනිසුරු විශ්‍රාම වයස නැංවීමක් ගැන සඳහන් නොකළ බවද හෙතෙම පෙන්වා දෙයි.
නීතිඥ නලින් පතිරණ මේ බව ප්‍රකාශ කළේ දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට එකතු වෙමිනි.