මම පැන්ෂන් ගිහින් අවුරුදු විස්සක්… තවම මොළේ කිසිම කචල් එකක් නෑ… දැන් හමුදාපතිකම දුන්නත් අණ දෙනවා…

July 28, 2026 at 12:45 pm | by emanisa.lk

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කරන්නේ අගවිනිසුරුතුමන් තබා ගැනීමට බවට ඇතැමුන් පැවසුවද විශ්‍රාම වයස නැංවීමට තමන් සම්පූර්ණයෙන් එකඟ බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ලොව දියුණු රටවල මෙන් සියලු වෘත්තීන්වල සේවා කාලය තවත් අවුරුදු පහකින් දීර්ඝ කළ යුතු බවත් වයසට ගිය පමණින් මිනිසුන්ගේ මොළේ කචල් නොවන බවත් හෙතෙම අවධාරණය කරයි.

විශ්‍රාම ගොස් දැන් අවුරුදු විස්සක් වුවද තමන්ගේ මොළය තවමත් හොඳට වැඩකරන බවත් ඇස් කන් හොඳින් වැඩකරන බවත් හමුදාපති ධුරයේ දැන් වුවද වැඩකළ හැකි බවත් සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි.

ඇතැම් රටවල අවුරුදු 70 දක්වා විනිසුරුවරුන්, හමුදාපතිවරුන් සේවය කරන බවත් පරණ සංස්කෘතියෙන් යැපුණු පිරිස මේවා නිවැරදි වන විට විරුද්ධ වන බවත් හිටපු හමුදාපතිවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *