වංචා දූෂණ නඩු අහන්නේ මහේස්ත්‍රාත් සහ මහාධිකරණවල… රාජපක්ෂලගේ කිසිම නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණේ නෑ… හොරු අල්ලන්න විනිසුරු වයස නංවන කතාව කෙබරයක්..! – පුබුදු ජයගොඩ…

August 16, 2026 at 6:57 pm | by emanisa.lk

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහි වන්නේ හොරු ඇල්ලීමට විරුද්ධ කණ්ඩායම බවට ආණ්ඩුව අභූත චෝදනාවක් නගමින් ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මහජන මුදල් අවභාවිතය, දූෂණය සහ වංචා පිළිබඳ සියලු නඩු විභාග වන්නේ මහේස්ත්‍රාත් සහ මහාධිකරණවල බවයි. එසේම රාජපක්ෂ පවුලට එරෙහි කිසිදු නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් නොමැති බවද පුබුදු ජයගොඩ අවධාරණය කරයි.

මෙම වංචා විභාග වන මහේස්ත්‍රාත් සහ ශ්‍රේෂ්ඨාධීකරණවල විනිසුරු වයස පිළිබඳ ගැටලුවක් නොමැති බවත් එහි සේවය කරන 80%ක් විනිසුරුවරුන් අවුරුදු 40-50 සීමාවේ වන අතර එහි වයසින් වැඩිම විනිසුරුවරුන්ට පවා විශ්‍රාම යෑමට තවත් වසර 10ක් පමණ බවත් ඔහු පෙන්වා දෙයි.

නඩු ඉක්මනින් ඇසීමට විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කිසිදු පදනමක් නොමැති බවත් ඒ සඳහා කළ යුත්තේ අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු පුරප්පාඩු පිරවීම බවත් පුබුදු ජයගොඩ සඳහන් කරයි.

පුබුදු ජයගොඩ මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස