විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමේ තීන්දුවට එරෙහිව යමෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහොත් අගවිනිසුරුතුමා ඉල්ලා අස්විය යුුුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළද කටයුතු කළ හැක්කේ ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර පවසයි.
අධිකරණයට අපහාස කිරීමේ නඩු මෙන්ම විනිසුරුවරුන්ගෙන් උපයන විට බදු අයකර ගැනීමට එරෙහි නඩුවද, හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ පාරිතෝෂිකකයට අදාළ නඩුවද විභාග කරන්නේ අධිකරණය බවයි, අධිකරණ ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
එම නඩු අධිකරණය ස්වාධීනව විභාග කරන බවත් යමෙක් අගවිනිසුරුට ඉල්ලා අස්වන්නට යැයි කියන්නේ නම් ඔහුට අගවිනිසුරුවරයාගේ ස්වාධීනත්වය පිළිබඳ සැකයක් ඇතැයිද ඇමති හර්ෂණ නානායක්කාර වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
අද (28) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.