අධිරණයට අනියමින් බලපෑම් කිරීමට පෙර පැවති ආණ්ඩුද කටයුතු කළද මේ ආකාරයට විනිසුරු විශ්‍රාම වයස් ඉහළ නැංවීම වැනි ඍජු බලපෑම් කිරීමට කිසිදු පාලකයෙකු ඉදිරිපත් නොවූ බව සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක ප්‍රියංකර මහගම්මුල්ලගේ පවසයි.
රටේ ව්‍යවස්ථාව සම්බන්ධ අර්ථ නිරූපණ ලබාදීමේ හැකියාව ඇත්තේ ශ්‍රේෂ්ඨාධීකරණයට බවත් විනිසුරු විශ්‍රාම වයස් සීමාව නැංවීම ඔස්සේ ආණ්ඩුව එම විනිසුරුවරුන්ට මානසික සතුටක් ලබාදීමට උත්සාහ කරන බවත් ඔහු ප්‍රකාශ කරයි.
ජාතික ජන බලවේගය සිය මැතිවරණ ප්‍රකාශයේ මේ ගැන කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර නීතීඥ සංගම්, අධිකරණ සංගම් ආදියද එවැනි ඉල්ලීමක් කර නොමැතිවා පමණක් නොව ඊට දැනටමත් විරෝධය පළකර ඇති බවද ප්‍රියංකර මහගම්මුල්ලගේ අවධාරණය කරයි.
ආණ්ඩුව සිය දේශපාලන උවමනාවන් වෙනුවෙන් මේ ආකාරයට අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීම අනාගත ආණ්ඩුවලට වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවද එහෙයින් තම පක්ෂය මෙම ක්‍රියාවට විරුද්ධ බවද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.
ප්‍රියංකර මහගම්මුල්ලගේ මේ බව සඳහන් කළේ සර්වජන බලය පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමිනි.