අතීතයේ සිංහල අලුත් අවුරුද්දට සම්බන්ධ නැකත් සකස් කළේ රජ ගෙදරට සම්බන්ධ රජයේ නිලධාරීන් බව පොතපතෙහි සඳහන් වන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.
මෙම ජාතික උත්සව බිඳ වැටීමට ඉඩ නොදිය යුතු බවත් මෙය සංස්කෘතිය විනාශයක් සිදුකර අප ජාතියක් ලෙස බිඳ වැට්ටවීමට දියත්කර ඇති කුමන්ත්‍රණයක් බවත් උන් වහන්සේ අවධාරණය කරති.
සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට කැමති ආකාරයට නැකත් සිරිත් ඉටුකරන්න යැයි ප්‍රකාශ කරන්නේ ඔවුන්ට සංස්කෘතියක් නැති නිසා විය හැකි බවද ගුණවංශ හිමි ප්‍රකාශ කරයි.
රාජ්‍ය පාලනයට රිංගා ඇති සිංහල බෞද්ධ විරෝධීන් ජාතික සමගියට විරුද්ධ නිලධාරීන් නිසා රටට විශාල ගැටලුවක් මතුව ඇති බවද ඇල්ලේ ගුණවංශ හිමි ප්‍රකාශ කරයි. ජාතික සමගිය ගොඩනඟෙන සංස්කෘතික උත්සව ආරක්ෂා කරගත යුතු බවද එහිමියන් පෙන්වා දෙයි.