ඕනෑම අයකුට යම් ප්‍රකාශයක් කරන විට වැරදීමේ හැකියාවක් ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
මේ වන විට තමන්ගේ වචන දෙකක වැරැද්දක් අල්ලා ගෙන ලොකු ඝෝෂාවක් නඟමින් ඇතැයි ද ඉදිරියේ දී එවැනි වැරදි පවා නොකර සිටීමට පරිස්සම් වන බව ද හෙතෙම අවධාරණය කරයි.
ගුරුන්ටත් අකුරු වැරදිය හැකි බවත් මෙවැනි කටයුතුවලින් තමන් අධෛර්යමත් කළ නොහැකි බව ද මහින්ද ජයසිංහ ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (22) පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේ ලෝවැඩ සඟරාවේ ‘කරන කලට පව් මීරිය මී සේ’ කවිය වැරදීම සම්බන්ධයෙන් මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි.