ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට තර්ජනය කළේ නෑ…! පාව දෙන ද්‍රෝහීන්ට විරෝධය එන්න පුළුවන්…! – මහින්ද ජයසිංහ…

September 17, 2021 at 2:32 pm | by emanisa.lk

වර්ජන ක්‍රියා මාර්ගවලට සහභාගී නොවී ඔන්ලයින් ඉගැන්වීම් කරන ගුරුවරුන්ට තම ගුරු සංගම් කිසිදු තර්ජනයක් සිදුකර නොමැති බව ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී, ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

කෙසේ වුව ද මෙවැනි අරගල අඩපණ කිරීම සඳහා දඟලන අයට ගුරුවරුන්ගේ පැත්තෙන් විරෝධයන් එල්ල විය හැකි බව මහින්ද ජයසිංහ සඳහන් කරයි.

ඒවා ගුරුවරුන්ට සිදු කරන තර්ජන නොව ඔවුන් හෙළිදරව් කිරීම් බව ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *