ගුරු වර්ජනය පාවා දෙන්න ඉඩ තියන්නේ නෑ…! ඉල්ලීම් ලැබෙන තුරු දිගට ම සටන් කරනවා…! – මහින්ද ජයසිංහ..

October 14, 2021 at 12:18 pm | by emanisa.lk

ගුරු විදුහල්පති වර්ජනය පාවා දීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව වෘත්තීය සමිති පවසයි.

විවිධ හඬපට නිකුත් කරමින් සටන අඩපණ කිරීමට ඇතැමුන් උත්සහ කරන බව සමාජමාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ අනාවරණය කරයි.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා පිළිබඳ අද (14) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කරයි.

එහි දී ගුරු සේවය සංවෘත සේවාවක් කිරීම ඇතුළු ගැටලු රැසක් වෙත අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද මහින්ද ජයසිංහ පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *