තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස ඉදිරිපත්වීමට තමන් විසින් යොමු කරන ලද අයදුම්පත ඉල්ලා අස්කර ගන්නා බව හිටපු අමාත්‍යංශෙ ලේකම් වරයෙකු වන නිමල් බෝපගේ සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව තමන් අදාළ කොමිසමේ සභාපති තනතුරට පත් කිරීමට සූදානමින් පවතින බවට සමාජ ජාල ඔස්සේ ද්වේෂ සහගත ප්‍රචාරයක් ගෙන යමින් ඇති බවය.
වත්මන් ආණඩුව බලයට පත්කර ගැනීම සඳහා කටයුතු කළ පිරිසක් එහි තනි භුක්තිය ලියා ගැනීම සඳහා එම ප්‍රචාරය සහ තමන් වෙත එල්ල කරන අභූත චෝදනා ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ තවත් මාතෘකාවක් වීම වැළැක්වීම සඳහා අදාළ අයඳුම්පත ඉල්ලා අස්කර ගන්නා බව ද නිමල් බෝපගේ ප්‍රකාශ කරයි.
කවුරු කුමක් කීව ද රුසියාවේ පූටින්, චීනයේ ශී ජිං පිං මෙන් ජනාධිපති අනුර දිසානායක ද දීර්ඝ කාලයක් රට පාලනය කරමින් ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනගනු ඇති බව ද ඔහු අවධාරණය කරයි.