ඉතිහාසය සෞන්දර්ය හලන්නේ නෑ… කලබල වුණ අය මුළු කතාව කියවලා නෑ…! – අගමැතිනිය….

July 17, 2025 at 5:02 pm | by emanisa.lk

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

“අපි මේක හැදුවෙම තමාගේ ක්ෂේත්‍රයට විතරක් කොටු නොවන ළමයෙක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා. එතකදී අපි අනිවාර්යය‍ෙන් සාකච්ඡා කරපු දෙයක් තමයි ඉතිහාසය හා සෞන්දර්යය කියන විෂයන් දෙක හරිම වැදගත් කියන එක. stem subjectවලට යන දරුවෙක්ට වුණත් ඉතිහාසය හා සෞන්දර්යය තෝර ගන්න වෙනවා. කළමනාකරණය තෝර ගන්න ළමයාටත් ඉතිහාසය සෞන්දර්යය අනිවාර්යයි. skills sector එකේ යන ළමයට වුණත් ඉතිහාසය සහ සෞන්දර්යය අනිවාර්යයි.

හරිම අවාසනාවන්ත විදියට මේ මුළු කතන්දරය කියන්නේ නැතුව අර මැද්දේ තියෙන එක විතරක් දාලා ඉතිහාසය සහ සෞන්දර්යය විෂය මාලාවෙන් හලලා කියලා ඉතාම අසත්‍ය මතයක් සමාජයේ තුළ ගොඩනගන්න හදනවා. මේක ඕනෑකමින් මේක කඩාකප්පල් කරනවා. ඒක හරිම වැරදියි. අපි දේශපාලනය කරමු. අධ්‍යාපනය හා දරුවන්ගේ ජීවිත එක්ක දේශපාලනය ගාව ගන්න එපා. ඉතිහාසය සහ සෞන්දර්යය කොහෙන්වත් අපි හලලා නෑ”

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පළාත් හා කලාප නිලධාරීන් දැනුම්වත් කිරීමේ විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *